Sunday, September 15, 2013

සඳකැන් වැසිලා........

හරුප පැහැය : ප්‍රේමකීර්ති ද අල්විස්
නාද පැහැය   : වික්ටර් රත්නායක
හඬ පැහැය    :  වික්ටර් රත්නායක 
සඳ කැන් වැසිලා අඳුරේ එතිලා - ගනදුරු රෑ තනිකම නෑ 

සොයා එන්න ගනඳුර තරු නිවලා - මගේ එළිය අද ඔබ පමණී
 මේ මනුස්පයට නං බිරින්දැ පැල ඇතුලෙ හිටියත් නැහැ වගේ තමයි. මුන්දැ දැනටමත් කරන්නෙ ඇබිද්දෙන් ඇබිද්ද වියෝවෙන 
බිරින්දැගෙ සෙනෙහෙවන්තකම ගැන, කාටවත් නොදැනෙන්නවිස්සෝප වෙන එකයි.
ජීවිතයට හිමි එකම සුවේ       -      හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු  - අසල්වාසියෙකු සොයනු දැනේ
එක හිතින්
බිරින්දැට ආදරය කලාට, උන්දැගෙ හිත කසාදෙ කියන බැමමෙන් තමුන්ට දමනය කරන්ට බැරි වග,   මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු කියන පද ටිකෙන්  අපූරුවට එලිවැට තියල මවල තියනව. හරියට ලෝ වැඩ සඟරාවෙ කවියක පද වැලක් වගේ .
මේ සින්දුව පුරාවටම කියන්නෙ බිරින්දැ ගැන මිසක් ආදරේ පාන ගැටිස්සි ගැන ‍නොවෙයි කියල වැටහෙන්නෙ,  අසල්වාසියෙකු සොයනු දැනේ  කියන පද පේලියෙන්.  
මා නැත අන්සතු සිත් බිඳලා - දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු - රහස් අහස් තලයට පවරා   
හැබෑ ආදර වන්තය කියන්නෙ බෝධිසත්වයෙක් වගේ කෙනෙකුට. මේ මනුස්පයත්  වගේකෙනෙක්. හැබෑවටම ආදරේ පුදල තියෙන්නෙ නිවුන හිතකින්. ඒ හින්ද ගින්නක් නැහැ.
ඒකයි මා නැත අන්සතු සිත් බිඳලා කියල කිව්වෙ. "එකපාර මා මරන්න" කියන ආදරවන්තයො මැද්දෙ මුන්දැ පවර ගුණ තියෙන කෙනෙක්. සෙන්පතියක් උනත් අත් බැඳ ගන්නෙ නිරායුධයි කියන්ටයි. ඒ වගේ මහා කතාන්දරයක් ප්‍රේමකීර්ති  උන්නැහැ දෑතම බැඳගෙන හිඳිමි බලා  කියන පද සොච්චමෙන් කියල තියනව.
මේ කියන ආදරවන්තයා කොච්චර උදාර ද කියනවනං, ලඟින් දැවටි දැවටි හිටිය කාලෙ කියපු කතා, වෙන්වෙච්ච දොහොක පලිගන්න හිතාන එක එකාට කියන්නෙ නැහැ කියලත් පොරොන්දු වෙනව. ඒ මෙහෙමයි ,
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු - රහස් අහස් තලයට පවරා
මහා සමුද්දරේ කොච්චර වෙරලට ආවත් ඒක අයිති තැනට ආපහු යනව. මේක දන්න වික්ටර් රත්නායක උන්නැහැත් අපුරුවට සමුද්දර ගෝෂ විරිතෙන් නාද සිත්තම කරල තියනව.
උන්නැහෙගෙ ගායනේ ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නොව.


 
  සින්දුව ආයිමත් අහන්න......

No comments:

Post a Comment