යන්තං
අපොච්චව වෙද්දු ගොඩ දැම්මා. ගොඩ දැම්මා
නෙමේ ගොඩට ඇද්දා.
හැබෑවටම උන්දලැට
වෙද්දු කියන එක හරි මදි, උන්දලැ දෙවිවරු.
ඕං, මට කීන්ට
බැරි උනා නෙවි මුන්දැ ලෙඩ වෙච්චි කාරිනාව.
දැං මං, නාක
ගැන කලින් ලීව නොවැ, නාක නං හොඳායි කීල.
මං හෑං පෝං
එකෙන්ම උන්දැට කිඋවා ඕං මං දැම්මා බලහං කීලා.
කිඋවට මොකෝ මට
උන්දැට කීන්න අමතක උනා ඕකෙ තව කොටහක් මම ඊලඟට ලීල දානව කීල.
ඔයින් පස්සෙ වෙච්චි
සංගදිය මයෙ අක්කන්ඩිගෙ කටින් කිඋව විදියටම අහල්ලකො.
දැං මල්ලියෙ
උඹහැ අපච්චිගෙ හෑං පෝං එකට කතා කලා කියහංකො.
මහා හයියෙං
හිනා උනා .කකා හිටිය රොටිය වීසි කලා .පිල උඩින් තියපු ගොංපියුටරේ දිගෑරිය.
"ඕං
බල මයෙ කොළුව. ඕක මයෙ එකාම තමා" කීලත් කිඋව.
මේ බං හූනෙක්
චිං ගාන වෙලාවක් ගියෙ නෑ.
" මුගෙ
අප්පට ...................බල්ලා. මූ මාව කෑව නෙමේ යකෝ හපා කෑවා. තූ නොදොකිං. මූ
මගෙද කියලත් සැකයි. අපි මූට නාක දේයි හොඳ දේයි දෙකම ඉගැන්නුවෙ නාක හොඳායි කියන්ටද,
හේම නැහ්නං නාක
දේ නොකර හොඳින් ඉන්ටද, පාහරයා....................... මූනං වුර්සබ රාජයෙක්.හිතට
පයින හැමදේම වමාරන්නෙ කොයි බූරුවද යකෝ.
මග තොටේ මුණ
ගැහෙන බවලත්තු ගැන මට හිතට පයින කාරිනා මම වමෑරුවනං කාරිය වෙසක් පොයවල් හතලිහක්ම
කසාදෙ තිඑයිද.
මනුස්සයොන්ට
කටකුයි, හිතකුයි වෙන වෙනම දීල තිඑන්නෙ ඕකට නේද.
අනික, හේම
කවිදාවත් ම නෝන දෙයක් ගැන මූ මොන එහෙකට ද ලිඋවෙ. නොදෝමකිං......................."
මම බය උනේ මල්ලියෙ
මුකුත් නෙවි, උඹේ උප්පැන්නෙ නැති කාරිනා වගේකුත් උන්දැ සද්දෙ දාල කිඋව හින්දයි.
ටිහිකිං දබාං
කීල සද්දක් කණ වැටුන හින්ද මම එළියට දීවෙ ගොංපියුටරේ කෑලි ටික හරි අහුලන්නං කීල
හිතාන.
මේං මුන්දැ බිම
පත බාල. සිහියක් පතක් නෑ. හැබැයි සද්දෙට හුස්ම ගන්නව.
ඕං ඒ වෙලාවෙම
වාසනාවට බණ්ඩාර අයියංඩිගෙ කරත්තතෙ පාරෙ
යනව. මං දන්නවනෙ උන්දැගෙ වස්ස ගැන. අපච්චිවත් දා ගත්ත,එක පිම්මට ඉස්පිටිතාලෙ.
ඕ ඔහොමයි මයෙ අපච්චි
ඉස්පිටිතාලෙට ආවෙ.
තුන් දොහක්ම මං
අපච්චි ගාව. හැබැයි උන්දැට සිහිය එන දවසෙ වාසනාවට මම ලඟ හිටියෙ නෑ ඕං. හේම උනිනං
ආයිමත් සිහිය නැතුව යනව.
බණ්ඩාර
අයියංඩිත් හිතහොඳ එකා නෙවි. ඒකා ඒ වෙලවෙ නොහිටින්ට අපච්චි වල පල්ලෙ තමා. ගමේ හැම
ඉලන්දාරියම හේම නැහැ නොවැ. නාක උං අස්සෙ මේ වාගේ යහපත්, හොඳ ඉලන්දාරි කැපිල පේනව.
අනික නාක දේ
කරන්ට පාසුයි නොවැ හොඳ දේට වඩා.
මහා රූස්ස ගහක්
වැවෙන්ට සෑහෙන කාලයක් ගියාට කපන්ට යන්නෙ සුළු මොහොතයි නොවැ.
නාක කිව්වහම
තමයි ඕං කාරිනාවට ආවෙ.
දැං ඔය නීති තීන්නෙ මොනාටද , මිනිස්සු නාක දේවල් කරන්ට
පෙලඹෙන හන්ද නොවැ.
ඉස්කෝල එව්වායෙ ඇච්චන්ට උදේ ඉඳන් ටීචර් නෝනල කීල දෙන්නෙ
මොනාද ,
නාක දේ නොකර හොඳින් ඉන්න හැටි නොවැ.
පන්සල් පල්ලිවලින් කියන්නෙ මොනාද,
උදේ හිටන් රෑ වෙනකං ඇප් ඇම් වලයි, ටෙලිවිසොං එකෙයි කියන්නෙ මොනාද,
හොඳින් ජීවත්වෙන හැටි නොවැ
දැං හිතමුකො
රටේ ලෝකෙ මිනිස්සු , ඔය මොන කතා කීවත් මොන
නීති තිබුනත් මොහොතකට ලැබෙන සැප ගැන හිතල, නාක
වැඩම කොරනව කීල.
ඒ කීන්නෙ
මෙහෙමයි.
ඕං හිතමුකො හොරකම කීල,
දේසපාලකයො, ආණ්ඩුවෙ සේවකයො, බස් කොන්දොස්තර ඈයො, ගුරු උත්තමයො, අම්මල,තාත්තල,ගෙදර
ඈයො,රටේ තොටේ ඉන්න මෙකී නොකී හැමෝම අන් සතු දේ ගන්ට පටන් ගත්ත කීල හිතමුකො. ඒ
කීන්නෙ රටේ හෑම කෙනෙක්ම ප්රමානයේ වෙනසක් නැතුව මොනම හරි හොරකමකට සම්බන්ද වෙනව කීල
හිතමුකො.
ඕං හිතමුකො පර පණට තිඑන ආදරය කීල,
මං මේ කීපු ඔක්කෝමල ඈයො මොන යං ඔන
වේලාවක ඕනෑම සතෙක්ගෙ, සීපාවෙක්ගෙ ඉතරක් නෙවි මනුස්පයෙක්ගෙ උනත් ජීවිතයක් නහන්ට
දෙපාරක් හිතන්නෙ නෑ කියල හිතමුකො.
ඕං හිතමුකො ආදරය, කරුණාව, මයිත්තිරිය, දයාව, සෙනේහෙ, අනුකම්පාව කීල,
මං මේ කීපු හැමෝම ගාව තීන්නෙ වයිරය, ක්රෝදය, තරහව,
ඊරිසියාව ඉතරයි කීල. ඒ කීන්නෙ පාර තොටේ මුණ ගැහෙන හැම එකාම අනිකාට ඇහැ දාන්නෙ ,
මොන හෙන ගෙඩියක් පාත්වෙයිද කියන විචිකිච්චාවෙන් කීල හිතමුකො.
ඕං හිතමුකො පති වුර්තාව, පතිනි වුර්තාව, නිර්කාමය,
විරාගය වගේ කීල,
මං මේ කීපු ඔක්කෝමලටම අම්ම,තාත්ත,අයිය,
අක්ක,නංගි,මල්ලි කීල වෙනසක් නෑ කීල හිතමුකො. ඒ කීන්නෙ තව
එකෙක් ඉපදිලා ඉන්නෙම තමන්ගෙ රහස් තැන් සංතර්පනයට ම තමයි කියල මිනිස්සුන්ට හිතෙනව
කීල හිතමුකො.
ඕං හිතමුකො දවස
ගානෙ පිළිපදින්ට ඕනැ නොකලයුතුදේ කීල,
මං මේ කියපු ඈයො ඇවිදින කොට පාර පුරා ඇවිදිනව.රෝදවල් උඩ
යන ඈයො පයින් යන එකා ගැන නොහිතා ඒවා හසුරෝනව. වෙළෙන්දො හොරට කිරනව, බාල දේ
විකුණනව, වස විස එකතු කොරනව, ජනයා ඕන දේටයි එපා දේටයි හැම දේටම ස්ටයික්,වර්ජන
කොරන්ට පටන් ගන්නව.
කොටින්ම කීනවනං රටේ ජනයා හැමෝම කොයියංම හෝ අපරාදෙකට
, දූසනේකට ,වංචාවකට, හොරකමකට හඋල්කාරයෙක් වෙනව.
ඉන්තේරුවෙන්ම කියනවනං කේතුමතී පුරේ ඉස්කෝලවල ඇච්චන්ව කාංඩ පිටින් ගෙනත්, නරක කොලොත් වෙන දේ මෙන්න මේ වගේ තමයි කීල අපිව පෙන්නන්ට
පටන් ගන්නව.
දැං අපි බලමුකො හේම
උනාම මොකෑ වෙන්නෙ කීල.
පොලෝසියටයි තිවිද හමුදාවටයි වැඩි වැඩියෙන් බඳවගන්ට වෙනව.
පාරතොටේ රියනෙන් රියන මුන්නැහැලව හිටවන්ට වෙනව. ටැපික් රාලාමිලාට සැරින් සැරේ බැරුක්කෙට
ගිහිල්ල සාක්කු හිස් කොරල එන්ට වෙනව.
ඕං,
එළි පිට හොරකං කොරන්ට පටං ගන්නව,
ඒව දැක්ක ඈයො නොදැක්ක වගේ ඉඳල පස්සෙ ගොහිං, සාක්කි නොදෙන්නං
කීල හොරකං කරපුවෑයින් තමන්ගෙ කොටහ ගන්නව,
පඋලෙ හැමෝම එකට
එකතුවෙලා සුරා ව බොන්ට පටං ගන්නව.
ගෙදර හුරතලේට ඇති කොරන බල්ල , පූස ඉතරක් නෙවි
තමන්ගෙ දරුවගෙ මස් ටික හරි කන්ට පටන් ගන්නව,
අවකල් කිරියා පාරෙ හැම තැනම එළි පිටම දකින්ට හම්බුවෙනව,
ඉස්කෝලවල් වැහෙන්ට පටන් ගන්නව,
ලිංගින අද්යාපනේ දෙන ඉස්කෝල වැඩි වැඩියෙන් ඇරෙන්ට පටන්
ගන්නව,
ඔය කියපු අද්යාපනේ දූලට අපොච්චිලත්, පුතාලට අම්මලත් ගෙදරින්ම
දෙන්ට පටන්ගන්නව,
ස්තිරි දූසන, ළමා අපචාර නැතිවම බැරි දෙයක් වෙනව
රූප පෙට්ටියෙ හොඳම ස්ත්රි දූසකය, හොඳම පුරුස දූසිකාව, හොඳම ළමා අපචාරය
වගේ වැඩසටහන් ජනප්පිරිය වෙනව,
අප්පල නැති දරුවො බිහිවෙන්ට පටන් ගන්නව,
ලෙඩ රෝග වැඩි වෙනව,
ඉස්පිටිතාල වැඩියෙන් ඇරෙනව,
ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්ට නං නේස් නෝනලාට පගාව දෙන්ට වෙනව,
පගාව අතේ තියාන අම්මලාට විලි රුජා කාමරේට යන්ට වෙනව,
කලාවෙ යහපත් නිර්මාණ නැතුවම යනව,
සකල කලාවටම පිස්සු හැදෙනව,
උදේ ඉදං රෑ වෙනකං රූප පෙට්ටියෙයි, වෑර්ලැස් එකෙයි බ්රේකිං
නිඋස් ඉතරක් එනව,
ජනයා තව තව දේසපාලන පක්ස වලට බෙදෙන්ට පටං ගන්නව,
ඒවාට පාට දෙන්න පාට පෙට්ටියෙ පාට මදි වෙනව,
කල්ප ව්රුක්සය, සුරබිදෙන වගේ ඒවත් ඡන්ද ලකුණු වලට දෙන්ට
වෙනව,
මනාප වෙන්ටයි කීල වැඳල එනව වෙනුවට ගෙදෙට්ට ගොහිං පිහිය
පෙන්නල මනාපෙ ඉල්ලල එන්ට පටං ගන්නව,
හෑම ජන්දයක්ම සාදාරන වෙන්ට නං හැම පක්සෙකිංම සමාන ගානක් මැරෙන්ට ඕනැයි කියල නීති හැදෙනව,
ඒ හින්දම ගාන සමාන කොරන්ට ජන්ද ඉවර වෙනකං මරාගන්ට වෙනව,
පව් හෝදගන්ටයි බේරල දෙන්ටයි කියල පන්සල්, පල්ලි, දේවාල
ගානෙ ගොහිං කන්නලව් කොරන ඈයො වැඩ වෙනව,
රට කොරන ඈයින්ට උපදෙස් දෙනව වෙනුවට, පූජක පක්සය රට
කොරන්ට ඉදිරිපත් වෙනව,
පූජක පක්සය දර්මය තම තමන්ට වාසි වෙන විදියට දේසනා කොරන්ට
පටං ගන්නව,
ජනයාට තිඑන අන්තිම විස්වාසෙත් බිඳෙනව,
පොලීසි වැඩිවෙනව, උසාවි වැඩිවෙනව, හිරගෙවල් වැඩිවෙනව
අන්තිමට ගෙවල් දොරවල් හිස් වෙනව,
ඒ ඉතරක් නෙමේ, පොලීසිත් හිස් වෙනව,
අපි ඔක්කොම හිරේදි හම්බු වෙනව,
රටේ නිස්පාදනේ නැතුව යනව.
ජනයාට කන්ට හිඟ වෙනව.
අපි වල පල්ලට යනව.
මයෙ අප්පෝ...........................
හැබැයි පාර්ලිමේන්තුව
ඉතිරි වෙනව.
No comments:
Post a Comment