Friday, October 4, 2013

සුගලා දේවිය......


සුගලා දේවියගේ සොහොන කඩා රන් අබරණ පැහැරගෙන දේහයද පුළුස්සා විනාශ කරයි - දිනමිණ
       
මෙහෙම එව්වා ලියන්ට හිතාන නෙමෙයි මම මේ බොලොග් එක පටං ගත්තෙ. මේ වගේ කාරිනා දාන්ට මේ බොලොග් එකේ තැනක් වෙං කරලත් නෑ.ඒ උනාට උදේ පාන්දරින්ම මේ පොවුර්තිය ඇහැ ගැහුනහම මුළු සරීරෙම හුරල දැම්ම වගේ දැනුන. මට හයියෙන් මොරදෙන්ට  හිතුන.ඒ ,සුගලා දේවින්නාන්සෙ මගෙ කවුරුත් හින්ද නොවෙයි.අපි හැමෝගෙම කවුරුහරි හින්දයි.
වුර්සබ කුලයේ චින්තන  ඈයොන්ටනං මේක සාමාන්නිය කාරිනාවක් වෙන්ට පුළුවං. මේක සාමාන්නීය කරනය කරන්ට ඕනි ඇයො දැන් කියන්ට පටං ගනී සියළු සංස්කාරයෝ නැසෙන සුළුය කියලා දේසනා කලේ බුදුන්මය,ඒ හින්දා කාරි නැතය කියල. හැබැයි උන්දලැට කියන්ට ඕනැ,  සියළු සංස්කාරයෝ නසන සුළුය කියල බුදුන් කොතනකවත් දේසනා  කරල නෑ කියල.තව කට්ටියක් කියාවි දැනට හාරගත්තු සාක්කි හැටියට නං ඒ කාලෙ සුගලාගෙ හැදියාව හොඳ නැතය, ඒ කාලෙ හිටි උන්ටත් කරන්ට බැරි වෙච්චි කාරියක් දැං හරි කරපු එක ලොකු දෙයක්ය කියල.
සුගලා දේවි කියන්නෙ අපේ ඉතිහාසයේ දෙවැනි රැජින.මහා පරාක්කරමබාහු රජ්ජුරුවන්ගෙ බිසෝ. 12 වැනි සතකෙ අග බාගයේ ඉදං 13 වැනි සතකෙ මුල් බාගය දක්වා තුන් වතාවක් රජ කරපු ස්තිරියාවක්.
ඔය කුඩුපට්ටං කරන්නෙ අපේ ඉතිහාසය ඉතරක් නෙමේ. අපේ හර්ද සාක්කියත් ඒ එක්කම හිල්කරනව. හර්ද සාක්කිය නැති එකාට අතීතෙකුත් නෑ.අනාගතේකුත් නෑ.

අපේ මහපොලෙවෙ වැලලිලා තියන අපේ ඉතිහාසෙ ඉක්මනට හාරල අපිට පෙන්නපං කියල අපේ රටේ සාමාන්නීය මහජනයාගෙන් එකෙකේවත් කිසිම ආණ්ඩුවකින් ඉල්ලුව කියල මගේ මතකෙ නං නැහැ.මේව ඕනැ උනේ ඔය සංස්කුරුතිය රකින්න තිරිකෝණ, වුර්ත හදාගෙන මෙහාට ගොඩබැස්ස වෙන රටවල අටංපහුරු වලටයි උන්ගෙං බඩ රැකගත්ත අපේ උං කීප දෙනෙකුටයි ඉතරයි. ආරස්සා කරන්ට ඕනි ඉතිහාසයෙ කොයි සාක්කිද, විනාස කරන්ට ඕනි කොයි සාක්කිද කියල උන්දලැ නියාය පත්තරේ හදාගෙනමයි එන්නෙ. හදන්ට ඕනි එක හදල දීල විනාස කරන්ට ඕනි එකට අපේ එවුන්ව පුරුදු පුහුණු කරලයි යන්නෙ.
යාපහුව,අනුරාජපුරේ, ‍පොළොන්නරුව,මහනුවර,සීගිරිය වගේ තැංවල ගල්කණු බලල  එන අපි ආඩම්බරෙන් පපුව පුරෝ ගන්නෙ දැකපු සාක්කි වලට වඩා දෑහින් නොදැක්ක මහපොලොව යට තියන සාක්කි ගැන හිතලයි. උඩිං දෑහින් දැක්ක සාක්කි වල මුල් තමයි ඒ. දැක්ක දේ ගැන අපි කතා කලාට නොදැක්ක දේ ගැන කතා නොකරම ඉන්නව.ඒ අපිව අතීතෙ ඉදං පුරුදු කරපු හැටි. 
අවුරුදු සිය දාස්  පරණ දාගැබ් අපේ ජනයා කී වාරයක් නරඹල ඇත්ද. හැබැයි එක ඇච්චෙක්,ළපටි එකෙක් නිකං වත් කියන්නෙ නෑ ඔය දාගැබ ඇතුලෙ තියන වටිනා වස්තුව හාරල හරි කමක් නෑ බලන්ට ආසයි කියල.ඒ ජාතියක් හැටියට මව් කුසේ ඉදං ම ලැබෙන සංවරේ.
අපේ ඔය සංවරේ ගැන අපිට වඩා දන්නෙ පිට උං. 
කෝටි තිස්තුනක්ම ඉන්නවයි කියන දෙවි දේවතාවන්ගෙන් එක දෙයියෙක්වත්  ඕක දැක්කෙ නැත්ද? ඔය අස්සෙ නං ගං තියන දෙවිවරු දහ පාලොස් දෙනෙකුටවත් අපේ රටේ ජනයා බොහෝම බක්තියෙන් වන්දනාමාන කරනවනෙ. උන්දැලත් ඇහැ කණ පියාන ඉන්ට පුරුදු වෙලාද. හැබැයි දැන්නං උන්දලැ ඉදිරිපත් උනත් වැඩක් වෙයිද මන්ද. මොකද කරපු උන්ට අච්චු කලයි කියල විනාස කලැයි කියපුව ලැබෙනව කියලයැ. 

ඒ කොහොම උනත් කොයි මාර්ගෙං හරි ඕව කරන උංටයි කරවන උංටයි දඬුවං ලැබෙයි කියල අපි බලාන ඉන්නව?






4 comments:

  1. සහතික ඇත්ත........

    ReplyDelete
  2. ඇත්ත කතාවක්......

    ReplyDelete
  3. aniwaryenma.....dhaduwam labenawa...

    ReplyDelete
  4. Ape ewun mechchara thirisan une pita unge balapamenmada? Kalakanni. hithata ena wedanawa kiyanna wachana ne. asuchi kewanam koi tharam hondada meeta wada.

    ReplyDelete