Monday, October 7, 2013

තොටුපොල අයිනේ........





තොටුපොල අයිනේ.........

හරුප පැහැය : සුනිල් ආරියරත්න
නාද පැහැය   : වික්ටර් රත්නායක
හඬ පැහැය    : වික්ටර් රත්නායක


තොටුපොල අයිනේ - කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ - තොටුපොල අයිනේ
හැන්දෑ වරුවේ - ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවනේ
හබල බිඳීලා පෙරළුන ඔරුවක - සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි  
තොටුපොල අයිනේ - කවුද අත වනන්නේ
ආ මග අඳුරේ - පෙර මග එගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුලේ - නුපුරුදු සුවඳක්
දිය මංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ - කවුද අත වනන්නේ


මේ සින්දුවට " බලාපොරොත්තුවේ සින්දුව" කියල කිව්වට වරදක් නෑ
අඳෝනා,හැලහැප්පීම් ,සංතාප, වේදනා ගැන කියන දාස් ගානක් සින්දු අස්සෙ සුබ පැත්ත ගැන විතරක් කතා කරන සින්දුවක් මේක.
තොටුපොල කියන්නෙ ගඟෙන් එගොඩ මෙගොඩ යන්ට ගොඩවෙන තැන.මේ සින්දුවෙ තොටුපොල උපමා කරල තියෙන්නෙ ජීවිතයේ සන්ධිස්තානයක් කියන එකට. මෙතන හැන්දෑ වරුව කියල කියන්නෙ ජීවිතේ හවස් ජාමෙ ගැන.මේ තැනැත්තට තොටුපොල ලඟ ඉඳගෙන කවුද අතවනල ආරාධනා කරනව. හැබැයි දන්න කෙනෙක් නෙමේ. නමක් ගමක් නැහැ. ඒ වුනාට ගිහින්  අඳුනගන්ට කැමැත්තක් ඇති බව ගායනයෙන් තේරෙනව.
ජීවන ගමන පැදයන්නට නං ඔරුවක් ඕනි. තමන්ට පේනව තමං මෙතෙක් පැද්ද ඔරුව පෙරලිලා තියන හැටි.සහයට තිබුන හබල කැඩිල. ඒව ඔක්කොම සුන්බුන් ඉතරයි. හබලෙන් කියන්නෙ තමන්ගෙ බිරිඳ ගැන වෙන්ට පුළුවං. සමහරවිට ජීවිතේ සහයට තිබුන වෙන දෙයක් වෙන්ටත් පුළුවං.

ජීවිතේ මෙච්චරක් ගෙවපු කාලේ අඳුරුයි.

මොනව උනත් ආපහු හැරිල බලන්ටවත් හිතක් නෑ.ඒ කියන්නෙ මෙයා පහුවෙච්චි දේ ගැන හිතල පසුතැවෙන්නෙ නෑ.ඒකට වෙලාවකුත් නෑ.

කවුද කෙනෙක් අත වනනව. ඒ කියන්නෙ ජීවිතේ අලුත් .

බලාපොරොත්තුවක් ඇති වෙලා. ඉස්සරහට ගෙවන්න තියන තියන කාලෙ පේනව.ඈත අලුත් බලාපොරොත්තුවක් අත වනනව.

අහසෙ තරු දෙකක් ලඟින් තියනව පේනව.එයින් එකක් තමං බව හිතාගන්නව.අනත් තරුව සමහර විට තමන්ගෙ ජීවිතේ ඉතිරි කාලෙ ගෙනියන්ට මුණගැහෙන කාන්තාව වෙන්ට පුළුවං. නැත්නං වෙන යහපත් දෙයක් වෙන්ටත් පුළුවං.කොහොම උනත් එකයි.
ජීවිතේ ඉතිරි ටික  යන්ට අළුත් බලාපොරොත්තුවක් ලැබිල.අළුත් පනක් ලැබිල.දැං දිය මංකඩ කැඩුනු බිඳුනු කිසි දෙයක් පේන්නෙ නෑ.අළුත් ඔරුවක් ලැබිල. ඒක ඇතුලෙ විතරක් නෙමේ මුළු වසං හැම තැනම අලංකාරයි. නැවුම් සුවඳක් හැම තැනම හමනව.හිත ප්‍රීතියෙන් පිනා ගිහින්.

මිනිස්සු මේ ලෝකෙට ඉපදෙන්නෙ  බලාපොරොත්තු එක්ක, මැරෙනකං ජීවත් වෙන්නෙ බලාපොරොත්තු එක්ක.

ඔහොම බලපුවහම මිනිස්සුන්ව ජීවත් කරවන්නනෙ බලාපොරොත්තු. හැබැයි හුඟක් ඈයො ජීවත් වෙන්නෙ බිඳුනු බලාපොරොත්තු එක්ක.එහෙම අය අසුබවාදියො. හැබැයි මේ සින්දුව සුබවාදීව හිතන්ට කියල දෙන, බොහොම කලාතුරකින් අහන්ට ලැබෙන සින්දුවක්.
කලා කෘතියක් සර්ව කාලෙටම ගැලපෙන්ට කරන්ට හැම කලා කාරයටම බැහැ. එහෙම බලපුවහම    සුනිල් ආරියරත්න මහත්තය මේ කරල තියෙන්නෙ එහෙම දෙයක්.


 
සින්දුව ආයිමත් අහන්න........

1 comment:

  1. මං හිතන්නෙ මම තේරෙන කාලෙ ඉදන්ම රස ව්ඳපු අපූර්ව වූ ගීතයක් .......මෙවන් නිර්මාණ නිතර බිහි වෙන්නෙ නෑ .....ඒත් ඒව හැමදාම පවතිනව. ඒ වගේම පරමිපරාවෙන් පරම්පරාවට නොවෙනස්ව රස විඳීවි

    ReplyDelete