Tuesday, May 13, 2014

බො.මු.ද.අප්පුහාමි........






1505 අවුරුද්දෙ ඉඳල 1948 වෙනකං අපේ දූපත පාලනය කලේ සුද්දො . 
ඔය කාල සීමාවට අපේ වැඩිහිටියො තවමත් කියන්නෙ සුද්දගෙ කාලෙ කියල.

අපේ සමහරු ඔය සුද්දගෙ පාලනේට කොයි තරම් වහ වැටුනද කිව්වොත් හැම හොඳ වැඩකදිම සුද්දව,ඒ කියන්නෙ සුද්දිගෙ හස්බන්ඩ්ව තවමත් මතක් කරනවා.  ඒ හින්ද තමයි "සුද්ද වගේ ඈ"  "සුද්දගෙ වැඩ නං ඉතිං අහන්න දෙයක් නැහැ" "අපි වැඩ කලොත් ඉතිං සුද්ද වගේ තමයි" වගේ උපහාර පද තවමත් සමහරක් ගෙ කටින් කියවෙන්නෙ.
මම දැන් කියන්න හදන්නෙ සුද්දිගේ හස්බන්ඩ් අපේ රටට කරපු  කැත වැඩ ගැනත් නෙමේ.කරල ගිය හොඳ වැඩ ගැනත් නෙමේ. ඊට ටිකක් වෙනස් දෙයක් ගැන.
සුද්දිගේ හස්බන්ඩ් මේ රට ආක්‍රමනය නොකලානම් කවදාවත්ම අපිට නොලැබෙන,ඒ වුනාට එයාගෙ ඒ නරක වැඩේ නිසා අපිට වුන වාසියක් ගැනයි කියන්න යන්නෙ.
ඒ තමයි ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන සුද්දිගෙ හස්බන්ඩ්ගෙ බාසාව, ඒ කියන්නෙ ඉංගිරීසි අපිට පාවිච්චි කරන්න ලැබුනු එක.ඒක නොතිබුනානම් අපි ලොකු අමාරුවක වැටෙනවා.

ඒ මෙහෙමයි.
අතීතෙ අපේ රටේ රජතුමාගෙ ඉඳන් හැමෝගෙම නම් බොහොම කෙටියි.ඒ කියන්නෙ දුටුගැමුණු, පරාක්‍රමබාහු, ගුනයා, සුවඳා,රන්මලී වගේ එක වචනයයි.පෙලපත් නාම, වාසගම් එහෙම නම දෙපැත්තෙ තිබුනෙ නැහැ.මට තොරතුරු ලැබුනු විදියට අපේ නමේ අගටයි මුලටයි වාසගමයි  පෙලපත් නාමයයි කියන දෙක එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නෙ මහනුවර රාජ සමයෙලු.

දැන් අපේ නම් කොච්චර දිගද කියනව නම්  ලියනකොට ලියන්නෙ  නමේ වචනවල මුල අකුරු වලින් විතරයි.ඒ අකුරු ටික ලියන්නෙත් සිංගිලිස් වලින්.ඒ කියන්නෙ ඉංගිරීසි අකුරෙ ශබ්දය සිංහල විදියට.
ඒ කියන්නෙ මෙන්න මෙහෙමනේ. ඔන්න මගේ නම,
          කරුණාරත්න මුදියන්සේලාගේ දසනායක බණ්ඩාර කියල හිතමුකෝ.
එතකොට මුලකුරු එක්ක සිංගිලිස් වලින් ලියන්නෙ මෙහෙමයි.

කේ.එම්.ඩී.බණ්ඩාර 

හැබැයි අපේ රටේ ඉංගිරීසි භාවිතයක් නොතිබුනානම් නම්,ඒ කියන්නේ සුද්ද මෙහෙට ඇවිල්ල අපිට ඉංගිරීසි නොදුන්න නම්, මට නම ලියන්න වෙන්නෙ මෙන්න මේ විදියටයි.
          ක.මු.ද.බණ්ඩාර 

කවුරු හරි මගෙ නම ඔය විදියට අඬ ගැහැවවොත් මට එතනට යන්න වෙන්නෙ බඩගිනිනම් කමු කියාගෙන තමයි.
දැන් මෙන්න මේ නම් ටිකත් ඒ විදියට ලියල බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.



  කෝනාරලාගේ ලලිතා
  කෑල්ලේගෙදර ලිමුනිලාගේ යානී පුෂ්පා
  ස්නායක හම්පත්ලාගේ යාවතී පොඩිනෝනා
  පුන්‍යපාල රුණාරත්නලාගේ ලොකුපුතා

  නවරත්න පුංචිරාලගේ හන් ල්ප නවරත්න
  වේල්ලේගෙදර සිමන්ලාගේ කමලා
  ටුතුඩාව හවත්තලාගේ වන්යා ෂානිකා
  හල දුරයලාගේ රීටා කාමිනී
  රීටා ලාලනී ද සිල්වා

 සුදුවාදේවගේ දුන් ල්ප  ජයසේන
  දෙනියේගෙදර වරත්න වාසලමුදලිගේ යානි මැණිකේ
 බොල්ලෑගල මුදියන්සේලාගේ යාපාල අප්පුහාමි

තව කොච්චර නම් ඇද්ද මේ වගේ.තම තමන්ගෙ නමටත් මෙහෙම දාල බලන්න.
සුද්දිගේ හස්බන්ඩ් ලංකාවට ආපු එකේ හොඳකුත් තියනවා නේද.

6 comments:

  1. mare maru..........

    ReplyDelete
  2. මාරසිංහ ආරච්චිලාගේ දෝන ඉසබෙලාට නම් ඔය සුද්දිගේ හස්බන්ඩ්ගෙ සහනෙ නෑනෙ අයියෙ...... “MAD Isabella“ වෙචිච කොට

    ReplyDelete
  3. ඇස් ලොකු බණ්ඩාර කියන්නෙත් ඔය වාගෙ කතන්දරයක් නේද?
    ඒත් මේ නම් ටික නම් හැබෑම එව්ව වාගෙයි!

    ReplyDelete
  4. ආ............ඒ කතාව මම මීට කලින් අහලා තිබුනේ නැහැ.ඒකත් අපූරුයිනෙ.

    ReplyDelete
  5. Patta patta elama kiri.....

    ReplyDelete
  6. විශිෂ්ට යි සර් ,

    ReplyDelete