දැන් ඔහු නැත.ඇත්තේම නැත.ඔහු ආ ගිය තැන්වල
තවම සුවඳ ඇත.එය ද නොබෝ කලකින් මේ සුළඟට ගසාගෙන යනු ඇත. විරල වූ නමුත් අතීතයේ ද ඔහු
වැන්නවුන් සිටියේය.වත්මනෙහි ද ඇත. පමණින් ගනින්නට අතැඟිලි වැඩිය.හෙට...........හෙට
අතැඟිලි අවැසි නොවනුම ඇත.
ඔහු
පරිවර්තකයෙකි,
නාට්‍ය මෙහෙයවන්නෙකි,
නළුවෙකි,
පරිපාලකයෙකි,
ඇදුරෙකි,
මනිසුන් අතර යහපත් මිනිසෙකි.
නිහතමානී මිනිසෙකි.
නිහතමානී මිනිසෙකි.
තමා ලද සිවිල් බලයෙන් අයුතු ලෙස වැඩ ගත්තේද
නැත.
බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපායේ රජයේ කාර්යාල ගණනාවකි.මහජන දිනය වූ බදාදාට ඇතුළුවීමේ දොරටුව අසල දිගු පෝලිමකි.ඒ අවසරපත් ලබා ලබා ගැනීමටය. දිනක්, නොදන්වාම මා හමුවීමට පැමිණි ඔහු අර දිගු පෝලිමේ හිට ගෙන ඇත්තේ අවසර පතක් ලබා ගැනීමටය.ආරක්ෂක නිලදරුවන් ඔහු දුටුවේ නම් එවේලේම අවසර දෙනු ඇත.නමුත් ඔහු, ඔහුව වැරදි ලෙස පාවිච්චි කලේ නැත.කෙසේ වෙතත් ඒ අසලින් ගමන් කරමින් සිටි රොජර් සෙනවිරත්නයන් දැක ඔහුව ඇතුලට රැගෙන ආවේ නැත්නම් පැය ගණනක් පෝලිමේය.
බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපායේ රජයේ කාර්යාල ගණනාවකි.මහජන දිනය වූ බදාදාට ඇතුළුවීමේ දොරටුව අසල දිගු පෝලිමකි.ඒ අවසරපත් ලබා ලබා ගැනීමටය. දිනක්, නොදන්වාම මා හමුවීමට පැමිණි ඔහු අර දිගු පෝලිමේ හිට ගෙන ඇත්තේ අවසර පතක් ලබා ගැනීමටය.ආරක්ෂක නිලදරුවන් ඔහු දුටුවේ නම් එවේලේම අවසර දෙනු ඇත.නමුත් ඔහු, ඔහුව වැරදි ලෙස පාවිච්චි කලේ නැත.කෙසේ වෙතත් ඒ අසලින් ගමන් කරමින් සිටි රොජර් සෙනවිරත්නයන් දැක ඔහුව ඇතුලට රැගෙන ආවේ නැත්නම් පැය ගණනක් පෝලිමේය.
ඒ ඔහුගේ හැටිය.......
අපි
කැන්ටිමට යමුද.....?ඒ ආරාධනාව මගෙන්ය.
හා...හා...යමු.උපැස් යුවල යටින් බලන ගමන් අහිංසකව
සිනාසේ.
මේ දැවැන්තයාට මා හොඳින් සංග්‍රහ කල යුතුය.
ඔබතුමා මොනවද කන්නේ.... මොනවද බොන්නේ...?නැවත මගෙන් පැනයකි.
වඩේ එකයි ප්ලේන්ටියයි හොඳා.....
මේ දැවැන්තයාට මා හොඳින් සංග්‍රහ කල යුතුය.
ඔබතුමා මොනවද කන්නේ.... මොනවද බොන්නේ...?නැවත මගෙන් පැනයකි.
වඩේ එකයි ප්ලේන්ටියයි හොඳා.....
ඒ ඔහුගේ හැටිය..........
බෝහෝ විට නාට්‍ය පුහුණුවීම් කෝට්ටේ පිහිටි
ඔහුගේ නිවස තුලය.එතැන හරි අපූරුය.මැද සාලයේ වෙනමම තැනකි.නිවසේ සියල්ලෝම ප්රෙක්ෂකයෝය.නළුවන්
වරද්දන විට ඔහු සිනාසේ.ඔහු මෙහෙයවද්දී වේවැලක් අතේ නැත.නළුවා තම චරිතය වටහා ගත්
ආකාරයට පුහුණුවීම් කිරීමට ඉඩ හරී.විවේක කාලයේ දී වැරදි හදන්නේ ද අපූරු
විදියටය.ඒ, රංගනය පිළිබඳ ලොවම අතගා එකතුකරගත් තමා සතුවූ දැණුම බෙදාදෙමිනි.ඊලඟ
පුහුණුවීමේ දී නළුවා නිවැරදිය.
ඒ ඔහුගේ හැටිය.
ඔහු කිසිවෙකුට බනිනවා මා අසා නැත.අන් අයගේ
වැරදි කියනවා මා අසා නැත.කිසිදු දේශපාලකයකුගේ ගුණ ගයනවාද මා අසා නැත.නිවසේ ඔහුගේ
එක් ඡායාරූපයක් එල්ලා ඇත.ඒ ඈත අතිතයේදී ඔහුගේ ආදරණීය මිත්‍ර විජය කුමාරණතුංගයන්
සමග එකට හිඳ ගත් එකකි.
ඒ ඔහුගේ හැටිය.
ගායක සුනිල් සාන්තයන් මියගොස් බොහෝ කල්ය.එදා
සිට අද දක්වා ඔහු වැන්වුන් කී දෙනෙකු අප අතරින් නිහඬව ම වෙන් වන්නට ඇද්ද.ජීවත්ව
සිටියදී ඔවුන් වැන්නවුන් රැකීමට කිසිදු රජයක් කිසිදු තිර වැඩපිළිවෙලක් සකසා
නැත.ඔහුටද වූයේ එයම නොවේ දැයි මට සිතේ.
බොහෝ සහෝදර කලා ශිල්පීන්ගේ තත්වයෙහිද වෙනසක්
නැත.
ඊලඟ රූගත කිරීමට පසුතලය සුදානම් කරන තෙක් මුහුනේ තැවරූ අංග රාග පිටින්ම අවසන් බුහුමන් දැක්වීමට පැමිණෙන්නෝ ද විරලම නැත.
ඒ රටේ හැටිය........
ඊලඟ රූගත කිරීමට පසුතලය සුදානම් කරන තෙක් මුහුනේ තැවරූ අංග රාග පිටින්ම අවසන් බුහුමන් දැක්වීමට පැමිණෙන්නෝ ද විරලම නැත.
ඒ රටේ හැටිය........
ලොවෙහි ඇත්තේ යහපත හා අයහපත අතර දෝලනයකි.වැඩි
දෙනෙකු කරන අයහපතින් වන විනාසය සමනය
කරන්නේ යහපත් වූ ටික දෙනකුගේ නොපසුබට උත්සාහයෙනි.එවැනි යහපත් අය අතර කලා කරුවන් ප්රමුඛ
තැනය.
ඔහු එවැන්නෙකි.කල කී දැ වලට ගණන් මිමි නැත.
නොදන්නා බොහෝ දේ තිබෙන්නට පුළුවන. මේ මා ඔහු
ගැන දන්නා දේය.
රෝමය ගිනිගෙන ඇත...............නීරෝලා බොහෝය.ගිනි නිවන්නෝ කවුරුන්ද.....
බන්දුල විතානගේ නම් වු ඒ සොඳුරු මිනිසාට
නිවන් සුව !
හරිම ශාන්ත ජීවිතයක්
ReplyDeleteපොඩි ගමය කියල තියනව හරියටම හරි
මෙහෙම උදවිය මිය පරලොව යනකොට ඒ අඩුව පිරවෙන්නේ කොහොමද කියලමයි හිතෙන්නේ
අල්ලක් දැන මල්ලක් කථාවලින් කන් පිරෙනවා දැන්
\\අල්ලක් දැන මල්ලක් කථාවලින් කන් පිරෙනවා දැන්\\
Deleteතිස්ස මටම ද මන්ද කිව්වෙ.................
අපේ රට සංස්කෘතික කාන්තාරයක් වෙන දිනය වැඩි ඈතක නොවයි තිස්ස.....
ඔලුවෙන් රහ කරල හදවතට කාන්දු වෙන විදියට නිර්මාණ කරන්න පුළුවන් අය ටිකෙන් ටික අඩුවෙලා යනව.
අනේ නෑ මචෝ - කීයටවත් නෑ
Delete"අපේ රට සංස්කෘතික කාන්තාරයක් වෙන දිනය වැඩි ඈතක නොවයි තිස්ස" මොන ආරවුල් ගැන අපි කොච්චර කථා කලත් මෙතන තමා සැබෑ අවුල කියල මමත් දකිනව
දරුවෙක් මල්ලෙක් වත් ඒ විදිහට හදන්න උත්සාහ ගන්නව මම
අපි එතුමන් දුටු ෙව් නිර්මාණ තුලින්මයි. එ් නිර්මාණ අද වා ෙග්ම ඊටත් වඩා ෙහටට වටීවි. එ් මහා කලා කරුවා ජීවත් කිරීමට නම් ඔහු ෙග්නිර්මාණ රැක ගැනීමට යම් වැඩ පිළිෙවලක් සකස් කල යුතුමයි
ReplyDeleteඅජිත් කුමාරගෙ බ්ලොග් දර්ෂකේ හින්ද මේක දැක්කෙ. අප්පුරු වියමනක, ප්රාදෙ කලින් නොආවෙ.
ReplyDeleteසුන්දර මිනිහෙක් ගැන සුන්දර සටහනක්!
ගොඩවුනාට බොහොම තුති.........
Deleteඩීඑන් ඒ ලගෙ ට්‍රැක් එක්කත් කියන්නෙ
ReplyDeleteමේ කලාවේ හැටී කියල...
මං කියන්නෙ කුප්පහි කුහකයන්නෙ හැටි ක්යල
මේ හැම තැනම .තියෙන්නෙ හොඳ නරක අතර දෝලනයක් තමා මහේෂ්.........
ReplyDelete