Wednesday, September 24, 2014

කොළොම් තොට නැත මහළු වී



හරුප පැහැය : ලුෂන් බුලත්සිංහල
නාද පැහැය  : ගුණදාස කපුගේ
හඬ පැහැය : ඩබ්.ඩී. අමරදේව

කොළොම් තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා - සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ - පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

පෙරුම්පුරමින් හමුවෙලා - උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ - කුමන අරුමද
නර කෙසක් නැගිලා

අපේ වයස වැඩෙන්න වැඩෙන්න සිතේ පරිවර්තන ක්‍රියාවලියකුත් සිද්ද වෙනවා. බුදුහාමුදුරුවො ඒක අපූරුවට දශක චක්‍රයෙන් පෙන්වලා තියනවා. ඒ කියන්නෙ අවුරුදු 20 සිට 30 දක්වා වූ වර්ණවත් භද්‍රයොවුන්වියට වර්ණ දශකයකියනවා. අවුරුදු 30 සිට 40 දක්වා වූ කායික මානසික ශක්තිය පිරි අවධියට බල දශකයකියනවා.ජවයෙන් පිරුනු මේ දශක දෙක තුල අපි කරන කියන දෙවල් බොහොම වේගවත්.ඒ හින්ද සමහරවිට මොනවද කලේ කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියි වෙන්ට පුළුන්.අවුරුදු 40 න් පස්සෙ තමයි තමන් කරපු දේවල් ගැන මෙනෙහි වෙන්ට පටන් ගන්නෙ.මොකද ඒ කාලය වෙනකොට දූ දරුවො ලැබිල තමන් වටේ වගකිම් පිරෙන්න පටන් අරගෙන.තරුණ තරුණයො අතරෙ තමන්ට හිමිව තිබුනු තැන නැතිවෙන්ට පටන් අරගෙන.අයිය ,අක්ක වෙනුවට මාම, නැන්ද කියල තමන්ට අමතන්න පටන් අරගෙන.

ඔන්න දැන් මේ වෙච්ච දේ ගැන කල්පනා කරනව.සත්‍යය තේරුම් ගන්න උත්සාහ කරනව.ටිකන් ටික ප්‍රඤ්ඤාව වැඩෙනව.ඒ හින්ද අවුරුදු 40 සිට 50 දක්වා වූ වඩාත් පරිණත බවින් යුතු මේ අවධියටප්‍රඤ්ඤා දශකයකියනවා.

මම මේ ඔක්කොම කිව්වෙ මේ සින්දුවෙ ඉන්න කෙනාටත් එහෙම දැනිල තියන බව කියන හින්ද.ඇත්තටම අවන් හල කියන්නෙ ගී පොතයි, මී විතයි විතරක් නෙමේ අවැසිනම් රත ලවන නෙතු පවා අලෙවි වන තැනක්. මේ කියන පෙම්වතුන් දෙන්නත් සැහෙන කාලයක ඉඳල අගනුවර එකම අවන්හලකදී හමුවෙනව.මේක කාලක් තිස්සෙ හොර රහසෙම සිද්ද වෙන ප්‍රේමනීය හමුවීමක් කියලත් කියනව.

කැඩපත ලඟ හැඩවෙන මෙයාලගෙ කාමරයට අපුරුවට පුන්සඳ පේනව.මේ හඳ දැන් නැවතිලා ඉන්නෙ ඈතින් නවතලා තියන නැවක කුඹ ගහක් මුදුනේ. තරුණ සඳත් නැවතිලා .නෞකාවත් නැවතිලා.සඳ තමන්ට හිනැහෙනව වගේ දැනෙනව.මෙහොතකින් මෙයාට  ජීවිතය ගැන දැනන්න පටන් ගන්නව.තමන් ගැන ලැජ්ජාවක් උපදිනව.පෙර කාලෙක ඇය වත්සුනු තැවරුවෙ මුහුණට සුන්දර බවක් එක්කරන්නයි. නමුත් දැන් ඇය වත්සුනු තවරන්නෙ වියපත් බව මකා ගන්නයි. 

ඔන්න ඒ අතරේ තමන්ගෙ හිසේ සුදු හිසකෙස් ගසකුත් පේනව. ජීවිතයෙ අනියත ගැන කවදාවත්ම හිතල තිබුනෙ නැහැ.හැමදාම එක වගේ තියෙයි කියලයි හිතුවෙ.ඒ නිසා මේ ඔක්කොම අරුමයක් වගේ දැනෙනව.

අපි දෙන්න පැළඳගෙන ඉන්න මේ වෙස් මුහුණ අයින් කරල ‍හැබෑව දෙස බලමු කියල ඇයට ආරාධනය කරනව.

වෙනද වගේම දෙන්නගෙ මේ හමුවීමට ශාරීරිව සූදානම් උනත් හිත ඒකට සූදානම් නැහැයි කියල  කුඹ ගහෙනුත්,  සඳෙනුත් කවියා සංකේතවත් කරනව.
                                       

        

2 comments:

  1. මම ඒ හැටි වියතෙක් ප්‍රඥාවන්තයෙක් නෙමේ
    නමුත් මේ ගීයට මම දැක්ක සරලම, අලංකාරම අර්තගැන්වීම ඔබ කරල තියනව

    ReplyDelete
  2. ජන විඥානය පුබුදු කරන ගීතයකට රසික නෙත් යොමන්නට ඔබ ගත් උත්සාහය සාර්ථකයි

    ReplyDelete