Sunday, September 15, 2013

නාක නං හොඳායි........???


අපොච්චා අද මට හෑං පෝං එකෙන් සද්දෙ දැම්මා.

 හැබෑවටම කිඋවොත්,

මාව නැති බංගස්තාන කොරල උන්දැ කොළ නැති ගහේ යනව කීව.

ඇච්ච කාලෙ  මට උගුරැස්ස කඩන්ට ගහට නගින්ට ගොහිං අඩි දෙකයි තිබ්බෙ ඕං,

උන්දැ පෝය දෙකෙක්ම ලනු ඇඳේ පතබාල හිටිය.

ඒ ගහේ, අතුයි කොලයි දෙකම තීලයි උන්දැට එහෙම උනේ.

එහෙව් එකේ කොහොමද කියහල්ලකො කොල නැති ගහකට මුන්දැ බඩගාන්නෙ.

රෙද්ද තමා.

මුකුත් නෙමේ කාරිනාව මම අතරමගට ලීන්න පරක්කුලු. 
ඇයි යකෝ මම මොනව කීල ලීන්නද.එදත් කිඋවා.

හැබැයි අපොච්චා කිඋවොත් කිඋවා. මයෙ අම්ම කීන විදියට නං උන්දැව බලාත්කාරෙං තමයි අපොච්චා උස්සං ඇවිත් තීන්නෙ.

ඒ කාලෙ ඒ තරං නපුරලු.

හැබැයි අපොච්චගෙ නපුරු කොමට අපි හැමෝම යටි හිතිං මනාපයි.

මුකුත් නෙමේ ගමේ උං අපිටත් ඒ බය තීන හන්ද.

එහෙම නැහ්නං ගමේ උං ඔළුවට පස්සත් හෝදයි කියලයි අපොච්චා කීන්නෙ.

ගමේ  උං හොඳනං මාත් හොඳයි කියලයි උන්දැ කීන්නෙ.

ගමේ උං ඉතරැක්යැ රටේම උං ,ලෝකෙම උං යහපත් නං කොච්චර අපුරුද නේද අප්පා.

ඒ උනං මටනං එතන පුරස්නයක් තීනවා.

දැං ඔය නීති තීන්නෙ ‍මොනාටද ,

මිනිස්සු නාක දේවල් කරන්ට පෙලඹෙන හින්ද නොවැ.

ඉස්කෝල එව්වායෙ ඇච්චන්ට උදේ ඉඳන් ටීචර් නෝනල කීල දෙන්නෙ මොනාද ,

නාක දේ නොකර හොඳින් ඉන්න හැටි නොවැ.

පන්සල් පල්ලිවලින් කියන්නෙ මොනාද,

උදේ හිටන් රෑ වෙනකං වෑර්ලස් එකෙයි, ටෙලිවිසොං එකෙයි  කියන්නෙ මොනාද,



හොඳින් ජීවත්වෙන හැටි නොවැ.

ඒ හින්දම,

ඕං දැං හිතමුකො එකපාරටම රටේ ජනයා ඔක්කොටම හිතුනා කීල පෝයවල් දොලහකට ඉතර නාක දේවල් කරන්නෙ නැතුව ඉන්න.

ඒ කීන්නෙ මෙහෙමයි,



ඕං හිතමුකො හොරකම කීල,

      වුර්තීමය හොරු ,දේසපාලකයො, ආණ්ඩුවෙ සේවකයො, බස් කොන්දොස්තර ඈයො, අම්මල,තාත්තල,ගෙදර ඈයො,රටේ තොටේ ඉන්න මෙකී නොකී හැමෝම, දූවිල්ලක දෙයක් හිමිකාරයාගෙන් අහන්නෙ නැතුව ගන්නෙම නෑ කීල හිතමුකො.





ඕං හිතමුකො පරපණ නැහීම කීල,

      මං මේ කීපු ඔක්කෝමල ඈයො මනුස්ප පරාණයක් තියා දස්ට කොරන මදුරුවෙක්ගෙවත් පරාණයක් අහිමි කොරන්නෙ නෑ.ඒ කීන්නෙ කඋරුවත් අනුන්ගෙ මස් කන්නෙත් නෑ කීල හිතමුකො.



ඕං හිතමුකො වයිරය,ක්රෝදය,තරහව  කීල,

      මං මේ කීපු ඔක්කෝමල ඈයො ගාව තීන්නෙ ආදරය,කරුණාව,මයිත්තිරිය,දයාව, සෙනේහෙ,අනුකම්පාව ඉතරයි කීල. ඒ කීන්නෙ මුන්නැහැල කිසිකනෙක් තව කෙනෙකුට රවන්නෙවත් නෑ කීල හිතමුකො.



ඕං හිතමුකො ස්ත්‍රි/පුරුස දුසනය, ළමා අපචාර, පර අඹු, පර පුරුස සේවනය  කීල,

      මං මේ කීපු ඔක්කෝමල ඈයො අම්ම,තාත්ත,අයිය, අක්ක,නංගි,මල්ලි දිහා බලන බැල්මෙන් තමයි බලන්නෙ. ඒ කීන්නෙ මුන්නැහැල කිසිකනෙක් බිරින්දැට සුවාමියට හැර රාගය, කාමය පෙන්නන්නෙ නෑයි කීල හිතමුකො.

ඕං හිතමුකො දවස ගානෙ කරන වැරදි   කීල,


      මං මේ කීපු ඔක්කෝමල ඈයො පයින් යනකොට දකුනෙන් යනව. මාර්ග නීති කියන එව්ව මෙලෝ එකක් බිඳින්නෙ නැතුව ඉන්නව.රෝද උඩ යන ඈයො ඒව සහසුද්දෙන්ම හරියට හසුරෝනව. වෙළෙන්දො පාරි‍බෝගිකයන්ට දෙයියන්ට වගේ සලකනව.වුත්තීය සමිති ස්ටයික් නොකර ඉන්නව.


 කොටින්ම කීනවනං රටේ ජනයා කිසි කෙනෙක් වැරුද්දක්,නරකක් කියන මෙලෝම දෙයක් නොකර ඉන්නව.


ඉන්තේරුවෙන්ම කියනවනං කේතුමතී පුරෙන් නිලදාරී උත්තමයො මෙහාට එනව උන්දැලට අවැස්ස උපදෙස් ගන්ට.


දැං අපි බලමුකො මොකෑ වෙන්නෙ කීල.


පොලීසියෙ උත්තමයන්ට, තිවිද හමුදාවෙ උත්මයන්ට බැරුක්ක ඇතුලට වෙලා ඉන්ට වෙනව. ටැපික් රාලහාමිලා පේන්නම නැතුව යනව.


ඕං,

හිර කූඩු හිස් වෙනව, හිර ගෙවල් හිස් වෙනව.

සුරා බොන ඈයො නැතිවෙනව.

මත් කුඩු , දුං කූරු උරන එඋන් නැති වෙනව.

ඒව හදන විකුණන ඈයො නැතුව යනව. ආඋද වලින් වැඩක් නැතුව යනව.

උසාවි නැතුව යනව.

ඒව හින්ද ජීවිකාව කොරගත්තු පෙරකදෝරු මහත්තුරු ඇතුළු සබ්බ සියළු දෙනාටම මෙලෝ කාරියක් නැතුව යනව.

කොටින්ම උසාවි අහල පහල කහට එකක් බොන්ට තියන තැනත් වැහිල යනව.

සියළු ප්රානීන් ට අබය දානය හින්ද බල්ලො, බලල්ලු, හරක්, කුකුල්ලු, එළුවො ඉතරක් නෙමේ තොරක් නැතිව බෝ වෙච්චි සතා සරුපය පවා  පාරවල් වල , වතු පිටි වල ඉබාගාතෙ සැරිසරන්ට පටන් ගන්නව.


නරක විස දාල හදන කෑම බීම නැතිවෙනව.

ඉස්පිටිතාලවල ලෙඩ්ඩු හිඟ වෙනව.

ඇස්සිඩන් වාට්ටු වැහිලම යනව. නේස් නෝනලාට වෙද්දුන්ට වැඩ හිඟ වෙනව.


ජනයා නාක වැඩ කරන්නෙ නැති හන්ද ඉස්කෝල වල කියාදෙන්ට දෙයක් නැතුව යනව.

විද්දියාව විසයෙන් උගන්නන ජාති බාගියක්ම හැලෙනව. ගනං සාස්තරෙයි ඉතිහාස විසයයි ඉතරක් ඉතුරු වෙනව.

ඔය සෙතේම විස්ස විජ්ජාලටත් වෙනව.


සංගීතෙ, චිත්තර, නාට්ටය වගේ සකල කලාවන්ගෙන් රටේ තොටේ නාක දෙවල් පෙන්නුං කොරන එක නවතිනව. 


ඒ කියන්නෙ සකල කලාවටම රාජකාරි අඩු වෙනව.

රූප පෙට්ටියෙයි වෑර්ලැස් එකෙයි නිඋස් වලට කියන්ට දෙයක් නැතුව යනව.

දැං හැමෝම සන්තෝසෙං හින්ද අහුමුළු වල තිඑන පවුල් පුරස්න පෙන්නන මෙගා නාට්ටිය ‍නැතුව යනව.

ඕං නළු නිළියන්ට සූටිං නැතුව යනව.

අන්තිමට පෙන්නන්ට  දෙයක් නැතුව ඔය චැනල් ඔක්කොම වැහිල  යනව.


පලිගහන්ටයි,බේරෙන්ටයි, කන්නලව් කරන්ටයි දේවතාවො ලඟට බඩගාන ඈයො අඩුවෙනව.

පන්සල් පල්ලි යන ඈයො අඩුවෙනව.


දේසපාලන පක්ස නැතුව යනව.

ඒ හින්ද මනාප නැතුව යනව.

මනාප ගෝරි නැතුව යනව.


ඔය නාකයි කියන ජාති වලින් ආණ්ඩුවට එන ආදායං නැතුව යනව. 


රටේ නිස්පාදනේ නැතුව යනව.

අන්තිමේදි ඔය කියන හැමෝටම රස්සාවල් නැතුව යනව.


ජනයාට කන්ට හිඟ වෙනව.

අපි වල පල්ලට යනව.


මයෙ අප්පෝ...........






7 comments:

  1. තරුකෙන් නං හොදට සාධාරනී කොරනය කරාල තියෙන්නෙ....ඒත් ඔය හරුද වස්තුවටත් දැයෙන්නෙ ඔහොමමදෑ කියාල කිව්ව නං.......

    ReplyDelete
  2. Appata hudu... hitahanko,hitahanko podiyak me amude gate thada karagannakan. Yako mewa ahuwata hangapu harupe gena me kiyanakang nichchiyata awe nene...Munuth nakama ne..

    ReplyDelete
  3. mahinda mama innakan ehema wenne neha

    ReplyDelete
  4. Hondin inna hithuwata ekath wedak ne balagena giyama. me vidiyatama innawa karana kupadikamak karagena

    ReplyDelete
  5. Ko halo aluth deyak nane. Ochcharada liyaganna puluwan une?

    ReplyDelete
  6. ratama samurdi math wela. ape rate sassrikathwayata gamwala pennuwe SOKARI' rattatama SWOKARI pennuwoth hoda.......i

    ReplyDelete
  7. halo. ohege mea liyana wedeth nawathinawa. aei yako rate computer nethiwenawane ea hinda yana widihata yan ban

    ReplyDelete