රාත්‍රිය
වී........
හරුප පැහැය : සුනිල් ආර්.ගමගේ
නාද පැහැය : රෝහණ වීරසිංහ
හඬ පැහැය : දීපිකා ප්‍රියදර්ශනී
හරුප පැහැය : සුනිල් ආර්.ගමගේ
නාද පැහැය : රෝහණ වීරසිංහ
හඬ පැහැය : දීපිකා ප්‍රියදර්ශනී
රාත්‍රිය
වී
නිහඬව
නිසලව ඉන්නම්
බියද
දැනේ - දුකද දැනේ
රුදුරු
උනේ ඇයි හිමි සඳුනේ
මේ කාන්තාවගෙ ස්වාමිය මොනව හරි හේතුවක් නිසා හිත් අමනාප වෙලා එයාව දාල ගිහිල්ල. දැන් ස්වාමියට ආපහු
වඩින්ට කියල ආයාචනය කරනව.
රාත්‍රිය වී කියන දෙපදෙ තමයි මේ සින්දුව පුරාවට තියන කතාව අරුත් ගන්නල තියෙන්නෙ.
රාත්‍රිය වී කියන දෙපදෙ තමයි මේ සින්දුව පුරාවට තියන කතාව අරුත් ගන්නල තියෙන්නෙ.
රාත්‍රිය බොහොම නිස්සබ්දයි.
බොහොම දේවල් වෙන්ට පුළුවං.
හැබැයි පේන්නෙ නෑ.
ඒ හින්ද දැනෙන්නෙ නෑ.
දැනුනෙ නැති හන්ද තව කාටවත් කියන්ට දෙයක් නෑ.
කැමති කෙනෙකුට ඕනි දෙයක් කරන්ට පුළුවං.
මුකුත් නොවිච්ච ගානට ඉන්ට පුළුවං.
දැනුනත් නොදැනුනා ගානට ඉන්ට පුළුවං.
මෙයත් තමන්ගෙ ස්වාමියට එහෙමකතාවක් තමයි කියන්නෙ.
මම රාත්‍රිය වෙන්නං,
ඇස් පියා ගන්නං,
කං වහ ගන්නං,
කට පියා ගන්නං,
දෑත් බැඳ ගන්නං,
කොටින්ම මුළු පංචේන්ද්‍රියම කාටවත් නොදැනෙන්න තියාගන්නං.
ඔයා ඕනි දෙයක් කරගන්ට.හැබැයි අනේ මම ලඟින්ම ඉන්ට.
මෙයා කියන්නෙ තමන්ගෙ ජීවිතේම රාත්‍රිය වගේ කරගන්නං
කියල.
සුනිල් ආර්. ගමගේ මහත්තය හිතාමතාම වෙන්ට ඇති එතනට රාත්‍රිය සේ කියල දැම්මෙ නැත්තෙ.එහෙම උනානං ඒක
රඟපෑමක් වගේ වෙනව. ඒ කියන්නෙ ඕන වෙලාවක දහවල
සේ වෙන්ටත් පුළුවන් වෙනව.එතකොට ස්වාමියව රැවැට්ටුව වෙනව.
මේ කාන්තාවට ඕනි හැබෑවටම තමන්ගෙ ස්වාමිය ලඟට වෙලා
ඉන්ට.
තනිකම, ආරක්ෂාවක් නැතිකම මෙයාට දැනෙන්ට පටන් ගන්නව ඒකයි. මෙච්චර රුදුරු උනේ ඇයි කියලත් අහනව.
මේ ඔක්කොම කාරනා බලපුවහම පේනව මේක ඒක පාර්ශවික අමනාපයක්
කියල.
පතා පැමිණි සුර පුරවර -වෙලා ගැණුනි ඝන කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි - කඳුළු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
දෑස පුරා දුටු සිනා කවට කෙළි - කඳුළු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
සමහරුන්ට වෙච්චි දේ මෙයාටත් වෙලා.කසාදෙට
ඉස්සරින් දැක්ක ලෝකෙ ඊට පස්සෙ කළුවර වෙලා.ඒ කළුවර අපි දන්න රාත්‍රියෙ කළුවර වගේ නෙවි.තමන්ව
අඬවල.
හැබැයි මොන තරං දුක් කන්දරාවක් මේ ස්වාමිය හින්ද ඉහිලුවත්,
ඒ දුක කාටවත් කියන්නෙ නැතුව එයා එනකන්ම ඒව කියන්ට.
ගමගේ මහත්තය මේ කාන්තාවගෙන් අපේ රටේ සම්ප්‍රදායික කාන්තාව
පෙන්නන්ටයි උත්සාහ කරල තියෙන්නෙ.
කලා සොළස පිරි පුරහඳ - අතැර ගොසින් සිය පියබඳ
එදා දෙඩූ මුදු වදන් අසන්නට - බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
එදා දෙඩූ මුදු වදන් අසන්නට - බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර
මෙතන පුර හඳ කියල තියෙන්නෙ ස්වාමියට.
කළාවන් එක එක පිරෙන කොට හඳේ ප්‍රමාණය වැඩි වෙනව.ලස්සන
වෙනව.එළිය වැඩිවෙනව.
ඒ කියන්නෙ වෙනදටත් වඩා ස්වාමියගෙ ආලෝකය ඕනැම කාලෙට තමයි
අතෑරල ගිහින් තියෙන්නෙ.
ස්වාමියගෙ උවමනාව මෙච්චර දැනෙන්නෙ සමහර විට දරුපැටියෙක් බඩට ඇවිල්ල වෙන්ට පුළුවං
කොහොම උනත් ආයිමත් ජීවිතේ එයා එක්කම මුල ඉදං පටං
ගන්ට මේ කාන්තාව ආසාවෙන් බලාන ඉන්නව.
රෝහණ වීරසිංහ මහත්තය තමන්ගෙ ලකුණ අපූරුවට මේ සින්දුවෙත්
තියල තියනව.
මේ සින්දුව දීපිකා නෝන හැර වෙන කවුරු හරි හඬ පැහැය
දැම්මනං මෙච්චර ලස්සන නෑ.
"කලා සොළස පිරි පුරහඳ " ලෙසින් විත්‍රහ වන්නේ කාන්තාවද? ඈ අතැර ගොස් සිටින පුරුෂයාද?
ReplyDeleteහප්පච්චෝ .....මේ බුවා සිංදු කතාන්දර කොරනවනෙ. දරුපැටියෙකුත් බඩට දීලයි පස්ස බැළුවෙ.
ReplyDeleteගැහැණියකගේ අහිංසක ප්‍රාර්ථනාවක්......
ReplyDeleteme geethaya 90 dashekatath walangu wenna puluan. eth adata walangu na. ada paramparawata aadaraya pilibanda saundaryathmaka bawayak na. ehema baluwama me gahaniya mahama maha gon gahaniyak. darhi
ReplyDeleteAna gaththa neda? kollo kala solasa piri purahanda kiyanne gahaniyata neda?athara gosin siya piya banda..me sinduwe echchara deyak ne katha karanna.habai a oyata. nethnam lassana sinduwak
ReplyDeleteහඳ කියන උපමාව පිරිමින්ට යොදන අවස්ථා ඕන තරම් තියනව.
Deleteසින්දුව පටන් ගන්න කොටම තමන්ව පාතට දාගත්ත කෙනා තමන්ටම පුරහඳ කියල කියා ගනීද? තමන්ගෙ ජීවිතේට මොනතරම් සුවාමියා අවශ්‍යද කියල පෙන්නන්නයි ඇයට ඕනැ වෙලා තියෙන්නෙ. අනික පිය බඳ කියල පුරුෂයින්ට යොදන්නෙ නෑ.
ReplyDelete