Sunday, September 15, 2013

ගහක මල් පිපිලා.........

හරුප පැහැය :යමුනා මාලනී පෙරේරා 
නාද පැහැය   : ගුණදාස කපුගේ
හඬ පැහැය    :  කරුණාරත්න දිවුල්ගන

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි  

කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් 
කරනු බැරි තහනම්

සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්

ගස් වල මල් හැදුනෙ නැත්නං ස්වාභාවදර්මයට පවතින්න විදියක් නැහැ.තරුණ වයසේ තරුණයෙක් තරුණියක් එක්ක එකතු වුනේ නැත්නං ස්වාභාවදර්මයට පැවැත්මක් නැහැ.ඒ කියන්නෙ අපි හැමෝම කරන්නෙ රස විඳින ගමන් ස්වාභාවදර්මයේ පැවැත්මට අපේ වර්ගයා එකතු කරන එක.

හැබැයි මේ කාරණේ නොදන්නෙ බහ තෝරන පොඩි උන් විතරයි.ඒ වුනාට වැඩිහිටියෙක් මේ ප්‍රශ්ණය අහනවනම් එතන ප්‍රශ්ණයක් තියනව.
නුඔට මගේ හිතේ බැන්ද ආදරය හරිම අමුතු එකක් කියල මේ සින්දුවෙ පද වැල් වල අපූරුවට කියල තියනව.

මහා කතරේ වැලිකැට හැමදාම ස්පර්ශ කරන්නෙ ඉරෙන් ලැබෙන ගිනියම විතරයි.සිසිල කියල දෙයක් වැලි කැට හඳුනන්නෙ නැහැ.හැබැයි කාන්තාරෙට පොඩි වැස්සක් හරි වැටුන දවසට, සිසිලෙ තියන අරුමයත් වැලි කැට දැනගන්නව.ඒ කියන්නෙ තමන් හැමදාම රහ කරන දේට වඩා වෙනස්, සොඳුරු රස තියනව කියල වැලි කැට වැස්සෙ ස්පර්ශයෙන් දැනගන්නව.

ඒ වගේම තමයි අපේ කවියො හඳ උපමා කලේ කාන්තාව ට. ඇය ලස්සනයි. දීප්තිමත්.ඒ හින්දම දහස් ගනන් තරු කැට ඇය ලබාගන්න තරඟයක යෙදිල ඉන්නව.එහෙම නැත්නම් දුර ඉඳන්  ආදරය කරනව. හරියට දහස් ගනන් තරුණයො සුන්දර තරුණියකගෙ හිත ගන්ට පොරකනව වගේ.හැබැයි ඒක ස්වාභාවිකයි.

ඒ වගේම අපේ කවියො ඉර උපමා කරල තියෙන්නෙ පිරිමියා ට.

එහෙම බලපුවහම මෙතන දැන් අමුතුම දෙයක් වෙලා. හඳ වටේ කරකැවෙන තරුවක් හඳෙන් ලැබෙන සිහිල අතහැරල, ඉරෙන් ලැබෙන ගිනියමේ රහ බලන්ට හදනව.

නුඹ නොදන්නවා වුනාට නුඹට තියන මගේ ප්‍රෙමයත් අන්න ඒ වගේ කියල අවසාන පද හතරෙන් කියනව.

රටේ ලෝකෙ හොරෙන් කෙරෙන වැඩක් යමුනා මාලනී නෝනත් අපූරුවට හංගල කියල තියනව. ලෝබ නැතුව  ගුණදාස කපුගේ මහත්තය නාද සිත්තම කරල තියනව. ගෝසාවක් නැතුව සංගීත උපකරණ ටික හසුරවල තියනව.



                                                       

4 comments:

  1. Kathawanam athatha wagei. Balanna ithin eketh heti

    ReplyDelete
  2. rachakayage harupa amaruwen hari therum gaththath meyage harupa eetath amaruine.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මේ කියවෙන්නේ සමරිසි පෙමක් ගැනමයි. ඇයි මේ තරම් සමාජය ඔහුනට අසාධාරණ කම් කරන්නේ.. ඒ අයට ආදරේ ලබන්න සතුටින් පවුලක් වෙලා ජිවත් වෙන්න ආසාවක් ඇති නේද? Straight අයට ඒ අයගෙන් කරදරයක් නෑ නේද ඉතින් සමරිසියන්ට නිදහසේ ඒ ගමන යන්න ඉඩ දෙන්න. මේ විවාහයන් කරගන්න බැරිව මොනතරම් මානසිකව වැටිලා ඇත්ද? පව් අපි ඒ අයව කොටු කරලා තහංචි දලා වගේ. හිර කරලා වගේ. මොනතරම් සමාජයේ හිරිහැර වලට ලක් වෙනවාද? ඔහුනුත් මනුෂ්‍යයෝ ඒ නිසා දයානුකම්පවේ න් ඒ අය බලමු.... ඔහුන් ට සුදුසු පරිසරයක් හදමු..

    ReplyDelete