Sunday, September 15, 2013

සුරා.......

 ඕං අපෙ අපොච්චා එක සැරේම කියපි  "තෝත් මොනා හරි අතරමග ට ලීපිය"  කියලා. ඕං අපෙ අපොච්චා එක සැරේම කියපි  "තෝත් මොනා හරි අතරමග ට ලීපිය"  කියලා. අහකො, බය වෙච්චි පාර කලිසමේ මුත්තරා නොගිය ටික ඉතරයි. මුකුත් නෙමෙයි උන්දැ ඔය අන්තර් ජංජාලෙං සිල්ප දක්කන්ට ගොහින් ගෙදට්ට ඉතරක් නෙමෙයි ජාතියන්තෙර්ටම කිච වෙලයි ඉන්නෙ.
මොනා කරන්නද  මාත් ලීනව ඔහෙ.
දැං ඉති මහ ගමයත් කිච. පොඩි ගමයත් කිච.
මා ගිය අද්යාපන චාරිකාවක්,
වැසි දිනයක්,
මාගේ හොඳම යාළුවා,
අපෙ අපුච්චත් මට කලේ ඕකද දන්නෑ. දැං හදන්නෙ මට කියෝල මොනා හරි ලියාගෙන, මම උන්දැගෙම දරුව කියල ලෝකෙටම කියන්නයි.
මේකනෙ බං, මම දන්න රෙද්දක් නැහැනෙ හැබෑවටම. මගෙ හිතට එන එව්ව ලීන එකෙන් වෙන්නෙ මගෙ කෙරුවාවලුත් ලෝකෙම  දැනගන්න එක ඉතරයි .
කියකො , මං දැං මොනා ගැනද ලීන්නෙ කියල.
මගේ සුරතලා, 
නිවාඩු කාලය ගත කල හැටි,
චැහ්, ඒව ඉස්කෝලෙදි කී සැරයක් ලීල ඇද්ද. ලොකු ඕපයක් දොඩන්ට ඕන වෙලාවට ටිචර් හාමිනේ ඔය වගේ එකක් ලීන්ට කියල  අල්ලපු පංතියෙ ටීචර් හාමිනේ එක්ක ඕපෙ දිගාරිනව.
අපුච්ච ලියන එව්ව උන්දැගෙ ඔලුවට එන්නෙ හවහට. සැර දෙයක් බඩට වැටෙන්නෝනැ.
හරිනෙ බං, සැර  දෙයක් කිව්වහමයි මට මතක් උනේ. මේ මට නොතේරෙන කාරනා වගයක් තියනව.මේ මේව මගෙ, අම්බරු ඔලුවට නොතේරෙන කමද මන්ද.
ඕං අහගනින්කො,
දැං ඕං  හොර අරක්කුයි හොර කසප්පුයි පොලිසියෙන් වටලල කුදලගෙන ගිහින් නඩු දානව.
ඔය වැඩේම සුරා බදු කියල මහත්තුරු වගේකුත් කරනව.
මේකෙන් මොකක්ද උන්දලැගෙ බලාපොරොත්තුව.
නීත්තියානුකූලව කරන ඒව ආරස්සා කරන්ටද; 
එහෙම නැහ්නං රටේ මිනිස්සුන්ගෙ සරීර ආරස්සා කරන්ටද;
නීත්තියානුකූලව කරන ඒව ආරස්සා කරනවනං ඇයි බීල පාරෙ යන්ට තහනම්.
රටේ මිනිස්සුන්ගෙ සරීර ආරස්සා කරන්ට ඕනැනං ඇයි ඕව හදන්ටයි විකුනන්ටයි බලපත්තර දෙන්නෙ.


ඕව බීල වාහන එලවන්ට බැරිනං ඇයි රෙස්ටෝරන්ට් ඉස්සරහ වරු ගනං වාහන නවත්තල තියෙන්නෙ.
පොලිසියෙ මහත්තුරු ඒවායින් එළියට එන වාහන නවත්තල ඇයි කවදාවත්ම කටවල් ඉඹින්නෙ නැත්තෙ.
නීත්තියානුකූලව සුරාව පිළිගන්නවනං, ඒව බීල ලෙඩ වෙච්ච උන්ට ඇයි ඉස්පිරිතා‍ලෙන්  අඩු සැලකිලි.
ඕව හදන්ටයි විකුනන්ටයි බලපත්තර දෙනවනං ඇයි ඕව බොන එක නරකයි කියල හාමුදුරුවන්ටයි වෙන වෙන ඈයින්ටයි මාද්දය වලින් කියන්ට ඉඩදෙන්නෙ.
පොඩ්ඩක් හිටහං, අපුච්චා කතා කරනව. කඩේට ගෙහුං සිගරැට් එකක් ගේන්ට වෙන්ට ඇති. ඒක ගෙනල්ල ඉතුරු හරිය කියන්නං.

No comments:

Post a Comment