Sunday, September 15, 2013

ප්‍රේමකීර්ති.......

ගමයා, වෑරලස් එකේ  සින්දු අහන්න පටන් ගත්තෙ ලපටි එකා කාලෙ ඉඳලමයි.
ඉස්සර සින්දුවක් පොචාරය වෙනකොට ඒකෙ අයිතිකාරයො තුන්දෙනාගෙම නම් කලින්ම කියනවා. ඒකට දැන්වෑරලස්වල ඉන්න කචබච ගැටිස්සියො සින්දුව ගායනා කොරන  එකාගෙ නමවත්  කියන්නෙ නැහැ.
කියන්නෙ නැහැ නෙමෙයි.................... කියන්න නම දන්නෙ නැහැ.
සින්දු ගැන කියනවනම් ප්‍රේමකීර්ති උත්තමය ගැන කියන්නම වෙනවා.
උන්නැහැ කොලයක් උඩ ඇඳපු සින්දු, ලපටි ඇච්චගෙ ඉඳන්  හොට බිම ඇනිච්ච මාල්ලට යනකන් හැම එකාටම, ඒ ඒ උන්ගෙ මොළ ගෙඩියෙයි පපුවෙයි ගැඹුරෙ තරමට අපූරුවට රහ විඳින්ට පුලුහන්.
දස්ස සිත්තර ගුරුන්නාන්සෙ කරන්නෙචිත්තරේ අඳින්න කලියෙන් හිතේ ඇඳගෙන ඉන්න එකයි. ඇන්දට  පස්සෙ, ඕක බලන එකා  උඩු යටි කරල ඌට දැනෙන ආකාරෙට රහ විඳිනව. ඒකා ඉතින්  හිතනව ගුරුන්නාන්සෙ චිත්තරේ කෙරුවෙ තමුන්ටමයි කියල.
අපේ ප්‍රේමකීර්ති උන්නැහෙත් ඒ වගේ  සිත්තර ගුරුන්නාන්සෙ කෙනෙක්. හැබැයි, උන්නැහැගෙ ඔලුගෙඩියෙ  හැඩකොරන  චිත්තරේ    කොලේකට වමාරන්නෙ  අපූරු හරුප විදියට.
ඒ වගේම තමයි උන්නැහැ රූප පෙට්ටියෙ හරි වෑරලස් එකේ හරි පෝගරෑම් එකක් කොරන කොට.
ඕක  අහගෙන ඉන්න එකාව, වැඩේ හමාර වෙනකම් ඔය යන්තරේ ඉස්සරහ රඳෝල තියාගන්නව නොවැ.
අපේ රටේ ඉන්න මහඇදුරොයි, රූස්ස ගස් වගේ ඉන්න සිල්පියොයි ගරුසරුවට මතකෙට ගන්න ප්‍රේමකීර්ති වගේ උත්තමයෙක් ගැන මම වගේ ගමයෙක් කතා කොරන එක හරිද මන්ද..................?
ඒ උනාට ඉතින්........
ආප්පෙක වාටිය ඉතරක් කාල මැද ඉතුරු කරනකොට,  " මැද තියෙන්නෙ වෙන රහක්. ඒකත් කාලම බලපිය " කියල  කලා කුරුතියක් පංචස්කන්ධයෙන්ම රහ කොරන හැටි කියා දුන්න ඒ වගේ  ගුරුවරු ගැනයි, සින්දු ගැනයි අතරමගදි දන්න විදයට කතාකොරන්න ගමයටත්  අයිතියක් තියනව නොවැ.

No comments:

Post a Comment