Tuesday, October 22, 2013

කැලේ ගහක මල් පිපිලා.........



හරුප පැහැය : මඩවල එස්.රත්නායක
නාද පැහැය   : ඩබ්.ඩී.අමරදේව
හඬ පැහැය    : ඩබ්.ඩී.අමරදේව

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා



මේ සින්දුවෙ ඉන්න ඉලන්දාරියටනං කැලේ පැත්තෙං මල් සුවඳක් ඇවිල්ල.හැබෑවටම කිව්වොත් මෙයා මලක් හිතේ මවාගෙන. කැලේ පිපෙන මල් කොහොමටත් සුවඳයි, අපූරුයි.ඒ හින්දම මෙයා එහෙම ගැටිස්සියක් ව තමයි හිතේ මවාගෙන තියෙන්නෙ.

ඔක්කොම කාරනා යස අගේට හිත ඇතුලෙම සිද්ද වෙනව.හැමෝගෙම හිත්වල ඉන්නනෙ එක බඹරෙක් උනත් මේ ඉලන්දාරියගෙ හිතේ බඹරු  රොත්තක්ම ඉන්නව. හිතේ මොන තරම් කැකෑරෙන ආසාවන්   ප්‍රමාණයක් ද තියනවද කියන එක තමයි එකෙන් මඩවල උන්නැහැ පෙන්නන්න හදල තියෙන්නෙ.
හැබැයි මේ බඹරු රෑනම රොණට යන්නෙ සංවරව.ඒකයි රොනට වඩිනවා කිව්වෙ.ඒකෙන් මඩවල උන්නැහැ කියන්න උත්සාහ කරල තියෙන්නෙ මේ ඉලන්දාරිය නරක, එපා කරපු එකෙක් නොවන වග. මොනව උනත් තමන්ගෙ පාලනය කරගන්ට අමාරු හිත මේ ගැටිස්සිත් එක්ක හිතේ හැටියට හැසිරෙනව. ඒ හින්ද තමයි
මගේ දෑස මට නොකියා කරදර දෙනවා  කිව්වෙ.

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

අර ගැටිස්සියො හිත ඇතුලෙ මුණගැහෙන හන්ද මේ ඉලන්දාරිය හැම වෙලාවෙම තනි‍වෙන්ට කැමත්තක් දක්වනව.  රාත්‍රිය තමන්ගෙ මේ කාරියට ලොකු රුකුලක් දෙනව. තමන්ගෙ මුළු ලෝකෙම සම්පූර්ණයි කියල ඉලන්දාරියට හිතෙනව.

හැබැයි අම්මටයි අප්පච්චිටයි මෙක තේරුම් යනව. නිසි කාලෙට කසාදයක් කර නොගෙන, පැත්තකට වෙලා තනියම කල්පනා කරන තමන්ගෙ පුතා ගැන දුක්වෙනව.
ඒ හින්ද සැරෙන් සැරේ කොළුව ලඟට ගිහින් ඒ කාරනේ ගැන මතක් කරනව. හැබැයි ඉලන්දාරිය දැනටමත් හිතෙන් කසාදයක්  කරගෙන ඉවරයි.ඒ හින්ද අම්මගෙයි අප්පච්චිටගෙයි ඇවටිල්ල කරදරයක් විදියට දකින්නෙ මෙහෙමයි.

මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ

මඩවල එස්.රත්නායක උන්නැහැ  දඹදෙනිය පැත්තෙ මඩවල කියන ගමේ පිපුනු මලක් උනත් මුළු රටේම කලා කෙත අස්වද්දපු කෙනෙක්.සින්දු විතරක් නෙමේ කෙටි කතා, නවකතා වලිනුත් මුන්නැහැ දස්සකම් පෙන්නල තියනව.
මුන්නනැහැගෙ අපූරුකම තමයි ලියපු හැම සින්දුවක්ම එකකට එකක් වෙනස් අපූරු හැඩයක් ගත්ත එක.ඒ හින්ද ඒව එක එක ගැන ඉස්සරහට කතා කරමු.


3 comments:

  1. ගී ලෝකෙ පරසතු මලක සුවඳ මේ බඹරටත් හොඳ අපුරුවට දැනිල තියෙන්නෙ......ඇයි ගීතෙ පද රචනය වර්ණවත් කරපු සංගීතයයි ඒ මධුර ගායනයයි අතහැරියෙ.

    ReplyDelete
  2. වෙලාවක් ලැබුනොත් කුරුටු ගැ ගී පොතේ ගීතය ගැනත් පොඩි විග්‍රහයක් කරමුද?

    මේ video එකත් බලන්න
    https://www.youtube.com/watch?v=VAXCthMmGew

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, මම උත්සාහ කරන්නම්..............

      Delete